රේගුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

රේගුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පත් කර තිබේ.
හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසු ඒ මහතා විසින් මෙම පත්වීම (08දා) සිදු කරන ලදී.
1997 දී සහකාර රේගු අධිකාරිවරයකු ලෙස සේවයට බැඳුනු පුංචිහේවා මහතා දැනට තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබයි.
පේරාදෙනිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Share This