රෝගීන්ට මාස දෙකකට එකවර ඖෂධ නිකුත් කරන්න – සෞඛ්‍යයෙන් උපදෙස් දෙයි

වෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස් දී ඇත.

බලශක්ති කළමනාකරණය වෙනුවෙන් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

කෙසේ වෙතත් රෝගීන්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් සායනවලට පැමිණීමේ හැකියාව තිබෙන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

දිවයින පුරා රෝහල්වල සහ වෙනත් ස්ථානවල විවිධ සායන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බවද  බලශක්ති අර්බුදය සමග විවිධ අභියෝග පැන නැගී තිබුණද රෝහල්වල ශල්‍යකර්ම කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව හංසක විජේමුණි මහතා පවසයි.

Share This