රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා දිවියට සමු දෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස සේවය කළ සොමිපාල ටී. රත්නායක මහතා ඊයේ   (07) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු (87) වැනි වියේ පසු  වුණු ඔහු  1939 පෙබරවාරි 07 වැනිදා උපත ලබා ඇත.  1956 අප්‍රේල් 13 වැනිදා රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරයට පත්වූ බවයි සඳහන් වන්නේ.

පාරම්පරික කපු පරපුරකට උරුමය ඇති සොමීපාල ටී. රත්නායක දේවාලේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වූ සේවාවක් කළ කපු මහතකු වශයෙන් සදහන් වැඩි දුරටත් සදහන් වෙනවා.

Share This