“රුසියාවට වඩා යුක්රේනය සමඟ කටයුතු කිරීම දුෂ්කරයි” ට්‍රම්ප් කියයි

“රුසියාවට වඩා යුක්රේනය සමඟ කටයුතු කිරීම දුෂ්කරයි” ට්‍රම්ප් කියයි

රුසියාව සහ යුක්රේනය අතර සාමය සඳහා උත්සාහයන්හිදී රුසියාවට වඩා යුක්රේනය සමඟ කටයුතු කිරීම දුෂ්කර බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය රුසියාව සමඟ ඉතා හොඳින් කටයුතු කරන බවත්, කියෙව්ට වඩා මොස්කව් සමඟ කටයුතු කිරීම පහසු විය හැකි බවත් ට්‍රම්ප් සිකුරාදා ඕවල් කාර්යාලයේදී වැඩිදුරටත් පැවසීය.

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි හමුවේදී සෙලෙන්ස්කි එක්සත් ජනපදයට අගෞරවයක් වන ලෙස කතා කළැයි ට්‍රම්ප් චෝදනා කරයි. එහිදී ට්‍රම්ප් කියෙව් සමඟ සියලුම එක්සත් ජනපද හමුදා ආධාර සහ බුද්ධි තොරතුරු හුවමාරුව නවතා දැමීය. ඊට පසු රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් මත මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

කෙසේ වෙතත් ට්‍රම්ප් පවසන්නේ පුටින් යුද්ධය අවසන් කිරීමට කැමති බව තමා විශ්වාස කරන බවයි. නමුත් යුක්රේනය ගැන ඔහුට එසේ විශ්වාසය තැබිය නොහැකි බව ඔහු ප්‍රකාශ කරයි.

සඳුනි තිලකරත්න

Share This