රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති මෙරට දින 05ක නිල සංචාරයක
රුසියානු ෆෙඩරේෂනයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබඳ ඇමැති අන්ද්රේ රුඩෙන්කෝ ( Andrey Rudenko ) නිල සංචාරයක් සඳහා ඊයේ (31) පස්වරුවේ මෙරටට පැමිණියා. ඒ් දින 5 ක නිල සංචාරයක් සදහායි.
ඔවුන් පිළිගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.
