රුසියානු තෙල් කර්මාන්තයට එරෙහිව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි
යුක්රේනයේ යුද්ධයට ඉන්ධන සපයන මොස්කව්හි බලශක්ති ආදායමට පහර දීම සඳහා නිර්මාණය කර ඇති පියවරක් ලෙස බයිඩන් පරිපාලනය රුසියාවට මෙතෙක් පැනවූ දැඩිම සම්බාධක කිහිපය පනවා තිබෙනවා.
මෙම පියවර මගින් වෙළඳුන් සහ නිලධාරීන්ගේ සිට රක්ෂණ සමාගම් දක්වා ආයතන සහ පුද්ගලයින් 200 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම තෙල් සමාගම් විශාල ප්‍රමාණයක් ඉලක්ක කර ඇති බව සඳහන්.
මොස්කව් යුක්රේන ආක්‍රමණය කිරීමෙන් පසු පළමු වරට, එක්සත් රාජධානිය ද අමෙරිකාව සමග එක්ව රුසියානු බලශක්ති සමාගම් වන ගෑස්ප්රොම් නෙෆ්ට් සහ සර්ගුට්නෙෆ්ටෙගාස් වෙත සෘජුවම සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින්, රුසියානු තෙල් සමාගම්වලට පහර දීම මගින් රුසියාවේ යුද හැකියාව සිඳී යනු ඇති බවත්, සහ රුසියාව ආර්ථිකව අඩපණ කිරීම යුක්රේන ජීවිත බේරා ගැනීමට උපකාරීවන බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමි පවසනවා.