රුපියල් කෝටි 13ක මත්ද්‍රව්‍ය සමග “සංජු” අත්අඩංගුවට

රුපියල් කෝටි 13ක මත්ද්‍රව්‍ය සමග “සංජු” අත්අඩංගුවට

රුපියල් කෝටි 13කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පිලාන කංකානම්ගේ ක්‍රිශාන් සංජුල හෙවත් “සංජු” නැමැති අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්ගස්ඔවිට ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගෙන ඇති නිවසක සඟවා තිබු හෙරොයින් 5 kgකට ආසන්න ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය 1.5kg කට ආසන්න ප්‍රමාණයක් සහ ඩාන්සින් පිල් නමින් හැඳින්වෙන මත් පෙති 800ක ප්‍රමාණයක් එම මත්ද්‍රව්‍ය අතර වන බව සඳහන්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 27 හැවිරිදි පිලාන කංකානම්ගේ ක්‍රිශාන් සංජුල හෙවත් “සංජු” නැමැති නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන ‘කාංචනා’ නම් කාන්තාවකට අයත් බවට ද අනාවරණ වී තිබෙනවා.

තවද අදාළ නිවස එම කාන්තාව විසින් කලක සිට කුලී පදනම මත ලබාගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් එහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්දුව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

 

Share This