රියදුරු මරා ත්‍රි රෝද රථය පැහැරගෙන

පුත්තලම තිල්අඩිය අල්කාසිම් ගම්මානය ආසන්නයෙ මාර්ගයක් ආසන්නයෙ තිබු ත්‍රි රෝද රථ රියදුරේකුගේ සිරුරක් අද( 22)  හමු වුණු බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස හමුව ඇත්තේ පුත්තලම තිල්අඩිය පදිංචි 72 හැවිරිදි  අබ්දුල් ලතිෆ් නැමති අයකුගේ  සිරුරකි. ඔහු පස් දරු පියකු වන බවද වාර්තාවෙයි.

අදාල ත්‍රිරෝද රථ රියදුරු   ඊයේ (21)  රාත්‍රියේ නිවසේ රැදි සිටියදි හයර් එක්ක යාම සදහා බව පවසමින් කිසියම් අයකු පැමින කැදවාගෙන ගොස් ඇති බවත් ඔහු උදෑසන වන විටත් නිවසට නොපැමිණිම නිසා පුත්තලම මූලස්ථානයට ඔහුගේ බැනා විසින් පැමිණිලි කර ඇති බවද කියයි. කෙසේ වෙතත් අදාල ත්‍රි රෝද රථ රියදුරාගේ නිවසට කිලෝ මිටර් 2 කට ආසන්න දුරකින් අඩපනාවිල්ලුව ගම්මානයට ගමන් කරන මාර්ගයෙ කාණුවකට  ඔහුගේ සිරුර දමා තිබෙන අයුරු ඒ ආසන්නයෙන් ගමන් කළ අයකු දැක ඇත. පසුව ඔහු ගම්වාසින් දැනුවත් කිරීමට කටයුතු කර තිබු අතර ඉන් පසු පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇත..

Share This