රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය ෆින්ලන්තයේදී සාර්ථකව අත්හදා බැලේ
රැහැන් රහිතව විදුලිය හිස් අවකාශයේ සම්ප්‍රේෂණය කිරීම මෙතෙක් කල් විදුලි තාක්ෂණික ලෝකයට අභියෝගයක්ව පැවතින. විදුලි ඉංජිනේරුවන් කොතෙකුත් උත්සාහ කළද මෙම ව්‍යායාමය එතරම් සාර්ථක තලයකට නොපැමිණියේය. නමුත් එහි නවමු පිම්මක් පනිමින් ෆින්ලන්තය රැහැන් රහිතව විදුලිය සම්රේෂණය කිරීමේ තාක්ෂණයෙන් ලොව පෙරමුණටම පැමිණ සිටී.
පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ (University of Helsinki) පර්යේෂකයන් විසින් අතිධ්වනි තරංග (Ultrasonic waves) ආධාරයෙන් වාතය හරහා විදුලි පුපුරු නියමිත මඟකට යොමු කිරීමේ තාක්ෂණික ක්‍රරමවේදයක් සාර්ථකව අත්හදා බලා ඇත. අකුණු සැරයක් මෙන් විසිරී යන විදුලිය, ශබ්ද තරංග මඟින් තැනූ නොපෙනෙන බටයක් වැනි මාර්ගයක් ඔස්සේ පාලනය කරමින් ගමන් කරවීමට සමාන ක්රියාවලියක් මෙයින් සිදුවෙයි. ඒ් අතරම අල්තෝ විශ්වවිද්යාලය (Aalto University) මඟින් චුම්බක අනුනාද තාක්ෂණය භාවිත කරමින් එහි සංවර්ධිත දිගුවක් ලෙස කිසිදු රැහැනක් නොමැතිව යම් සීමිත ප්රදේශයක් තුළ ඇති උපකරණ ආරෝපණය කළ හැකි ක්රමවේදයක්ද හඳුන්වා දී ඇත.
මෙම නව සොයා ගැනීම් අතිශය සාර්ථක වුවහොත් විදුලි තාක්ෂණික ලෝකය උඩු යටිකුරු වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම තාක්ෂණය මගින් ආනාගතයේදී බැටරි රහිත කුඩා ඉලෙක්ට්රොනික උපකරණ සහ රොබෝවරුන් සඳහා අවශ්ය බලය රැහැන් රහිතව ලබා දීමට අවස්ථා වඋදා වනු ඇත .මේ වන වි
ටමෙම තාක්ෂණ මගින් විදුලිය සැපයීම විශාල දුර ප්රමාණයකට හෝ නගර මට්ටමින් සිදු කළ නොහැකි වන අතර කෙටි දුරක් තුළ කාර්යක්ෂමව විදුලිය ගෙනයා හැකිය. ඒය ෆින්ලන්තය ලබා ඇති විශාල විද්‍යාත්මක යග්‍රරහණක් හා විශ්මිත විදුලිමය පෙරළියක් වේ.
ටමෙම තාක්ෂණ මගින් විදුලිය සැපයීම විශාල දුර ප්රමාණයකට හෝ නගර මට්ටමින් සිදු කළ නොහැකි වන අතර කෙටි දුරක් තුළ කාර්යක්ෂමව විදුලිය ගෙනයා හැකිය. ඒය ෆින්ලන්තය ලබා ඇති විශාල විද්‍යාත්මක යග්‍රරහණක් හා විශ්මිත විදුලිමය පෙරළියක් වේ.