රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ දීමනාවක් ලැබෙන ලකුණු

රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ දීමනාවක් ලැබෙන ලකුණු

රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජාතික සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, එම සංගමයේ ලංකා විදුලි බල මණ්ඩල ශාඛාව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් යොමුකරමින්.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් හටගෙන තිබුණා.

එලෙස කතාබහට ලක් වූයේ, ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථනයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් ඊට අදාළව සිදු කළ ඉල්ලීමත් සමගයි.

කෙසේ වෙතත්, ඔහු එසේ ප්‍රකාශ කිරීමෙන් පසු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අදාළ ප්‍රසාද දීමනාව ලබා නොදෙන බව සදහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන වසරේ බලපෑ හැකි නියඟයකදී විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවන බවයි, රන්ජන් ජයලාල් ද සියමතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුණා.

මෙවන් පසුබිමක විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජාතික සේවක සංගමය අමාත්‍යවරයගෙන් යළි ඉල්ලා තිබෙනවා.

Share This