රසවත් ආහාරයක් වගේම අගනා ඔසුවක් ද වන ‘තල’

රසවත් ආහාරයක් වගේම අගනා ඔසුවක් ද වන ‘තල’

තල (Sesame seeds) කියන්නෙ ආහාරයක් වගේම ඖෂධයක් හැටියටත් භාවිතයට ගන්න බීජ විශේෂයක්.

බාල, තරුණ, මහලු කිසිදු භේදයකින් තොරව ගුණදෙන බීජයක් තමයි තල.

ආහාර විදියට නම් වඩාත් ප්‍රචලිත, තල මිශ්‍ර රසකැවිලි වර්ග කිව්වොත් හරි. ඊට අමතරව අනෙකුත් ආහාරවලටත් රස අනුව තල එකතු කරගන්නවා.

විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආහාර වේල් සඳහා.

අද අපි ඔබට කියන්න යන්නේ, එහෙම ආහාරයට ගන්න තලවල ඇති ගුණ මොනවද කියන එක ගැන.

තල ඇටවලින් ගන්නා තල තෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයට මනා පෝෂණයක් ලැබෙනවා.

ඒ නිසාමයි මාගරින් නිෂ්පාදනයේදී තල යොදාගන්නෙ. තල තෙල්වලින් ශරීරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය ද අඩු කෙරෙනවා.

ඒ වගේම රෝග සෑදීම වළක්වාලීමේ අපූරු ගුණයක් තල බීජය සතුයි. රෝග සුව කිරීමේ හැකියාවත් ඊට ම අයත්.

විශේෂයෙන් අක්මාව, වගුගඩු, ආමාශය යන අවයව සඳහා තල ආහාරයට ගැනීම ඉතා ගුණදායක බව කියවෙනවා.

ඔබ මිග්ග්‍රෙන්වලින් පෙළෙනවා නම්, තල කියන්නෙ ඊට විසඳුමක්.

කරකැවිල්ල, පීනස, දත්වල වේදනාව, මල බද්ධය, ඇස් පෙනීම දුර්වල වීම යන තත්ත්වයන්ට තල ආහාරයට ගැනීම ඉතාම යෝග්‍යයි.

විශේෂයෙන් ම කිරි දෙන මව්වරුන්ට ඉතාම ගුණදායක ආහාරයක්… ඔසුවක්…

Share This