රයිගම් ටෙලි රාත්‍රියේ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ස්වර්ණවාහිනියේ ජහුටා නාට්‍ය දිනා ගනී

කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඊයේ (29) පැවැත්වුණු 22 වැනි රයිගම් ටෙලි සම්මාන 2025 සම්මාන උළෙලෙදී ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සම්මානයට පාත්‍ර විය.

හපන් පැදුර ළමා පූරක දමිතු ප්‍රනාන්දු ජූරියේ කුසලතා සම්මානයක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර වුණා.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය ලෙස ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළට විශේෂාංගය වෙනුවෙන් රවීනා වික්‍රමතිලක සම්මානය දිනා ගත්තා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය වෙනුවෙන් පැබ්ලෝ ටෙලි නාට්‍ය වෙනුවෙන් වාසනා බණ්ඩාර විජේකෝන් සම්මානයට පාත්‍ර වුණා.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගත කිරීම වෙනුවෙන් පැබ්ලෝ ටෙලි නාට්‍යයේ අමල් වත්තෙගෙරද හා දසුන් ශිරෝෂණ සම්මාන දිනා ගත්තා.

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා ලෙස පැබ්ලෝ ටෙලි නාට්‍යයේ සුදර්ශන ක්‍රිෂාන්ත සම්මානයට පාත්‍ර වුණා.

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙස රට පවුල ටෙලි නාට්‍යයේ ප්‍රශා මිෂෙල් සම්මාන දිනා ගත්තා.

වසරේ ජනගත ටෙලි නාට්‍ය නිළිය ලෙස මිෂෙල් දිල්හාරා ටැක්සිකාරයා ටෙලි නාට්‍යය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා.

එමෙන් ම වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස ජහුටා සම්මානය දිනා ගත්තා.

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා ලෙස ජහුටා ටෙලි නාට්‍යයේ චතුරංග කොඩිතුවක්කු සම්මානයට පාත්‍ර වුණා.

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ ජහුටා ටෙලි නාට්‍යයේ දුශේනි මියුරංගි.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස රට පවුල ටෙලි නාට්‍යයේ අකලංක ප්‍රභාෂ්වර සම්මානයට පාත්‍ර වුණා.

Share This