රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට

(එන්. අමරසිංහ)

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 22දා එම පත්වීමේ ලිපිය රමේෂ් පතිරණ වෙත ලබා දුන්නේය.

ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී. මීට අමතරව
රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත්කර තිබේ.

රමේෂ් පතිරණ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කළේය.

රමේෂ් පතිරණ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුහ.

Share This