රත්නපුර නීතිඥ නිවෙසක අවි ගබඩාවක්

-සෙනාෂ් කොළවත්ත-
මීට දින හතකට ඉහත දී මියගිය නීතිඥවරයකුගේ රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ නිවෙසක තිබී ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් පොලිසිය සොයාගෙන තිබේ.
සොයාගත් අවි අතර මෙට නිෂ්පාදිත රිවෝල්වරයක්, පිස්තෝල අවියක්. උණ්ඩු 24ක්, හක්කපටස් 53ක්, බෝර 12 උණ්ඩ 383ක්, බෝර 16 උණ්ඩ 57ක් බැරලය අඩි දෙකයි අඟල් 6ක් දිග අවියක් ඇතුළු අවි ගබඩාවක්ම හමු වූ බව පොලිසිය පවසයි.
මෙම නීතිඥවරයා වයස අවුරුදු 71ක අයෙක් බවද විමර්ශනවලදී හෙලි වී ඇත.
මෙම අවි හා උණ්ඩ තොගය ළඟ තබාගෙන සිට ඇත්තේ කුමක් සඳහාද පිළිබඳ විමර්ශන සිදු කරන අතර මොහු යම් අපරාධ කල්ලියක් හා සම්බන්ධ යන්න පිළිබඳ මෙතෙක් හෙලි වී නැතැයි ද පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශන සිදු කෙරේ.