රත්තරන් වලටත් වඩා මිල අධික, ලංකාවේ “කළු රත්තරන්”

රත්තරන් වලටත් වඩා මිල අධික, ලංකාවේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් “කළු රත්තරන්” ගැන ඔබ දැන සිටියාද? 🇱🇰
දශක ගණනාවක් තිස්සේ අපේ රටේ වටිනා මිනිරන් කුණු කොල්ලයට අමුද්‍රව්‍යයක් ලෙස පමණක් විකුණපු යුගය දැන් අවසන්! ශ්‍රී ලංකාවට ඩොලර් ගෙනෙන නවතම අපනයන පෙරළිය “ග්‍රැෆීන්” (Graphene) නිෂ්පාදනය දැන් අපේ රටේම ආරම්භ වෙලා.
විශ්වාස කරන්න, මේ ග්‍රැෆීන් ග්‍රෑම් 1ක් රුපියල් 50,000ක් පමණ වෙනවා! එය රන් මිලත් අභිබවා ගිය සුපිරි වටිනාකමක්. 🤯
ඇයි මේවා මෙච්චර වටින්නේ?
කාර්මික ලෝකයේ පෙරළියක් කරමින් අද වනවිට දියුණු රටවල් තම ගුවන් යානා, අභ්‍යවකාශ යානා, විද්‍යුත් මෝටර් රථ (EVs) සහ උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා බහුලවම යොදා ගන්නේ මේ ග්‍රැෆීන් ය.
ලංකාවට ලැබෙන වාසිය කුමක්ද?
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට “රාගෙදර” මිනිරන් පතල් කර්මාන්තශාලාව මගින් මිනිරන් වලට අගය එකතු කර (Value Addition) මෙම ග්‍රැෆීන් නිපදවන අතර, මේ වනවිටත් ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමට ලැබුණු දැවැන්ත අවස්ථාවක් බව පසුගියදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවති අන්තර්ජාතික මිනිරන් සමුළුවේදී දෙස් විදෙස් විද්‍යාඥයින් සහ ව්‍යවසායකයින් රැසක් තහවුරු කළා.
නිකන්ම පස් විදියට සම්පත් විකුණනවා වෙනුවට, අපේම රටේ මෙවැනි අගය එකතු කළ නිෂ්පාදන ලෝකයට යැවීම ජාතියක් විදියට අපට මහත් ආඩම්බරයක්!
