රත්තරන් ආයෙත් ගණන් උස්සයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (06දා) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,461ක් ලෙස දැක්වුණි.
මේ අතර ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු 3,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව ඊයේ පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ”කැරට් 22” රන් පවුමක මිල රු. 337,600ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මේ අතර ජනවාරි මස 1 වනදා රු. 354,000ක් ලෙස පැවැති ”කැරට් 24” රන් පවුමක මිල ඊයේ වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
