රට හොඳයි පිටරට යන අය අඩුයි

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ මෙරට තුළ ජීවත්වීමේ අපේක්‍ෂාව ශක්තිමත්වීම ආදී හේතු මත විදේශ රැකියා සොයා යන පිරිස මෙම වසරේ මුල් මාස හය තුළ සියයට 5කින් පහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි.
මෙම වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලාංකිකයන් 143,037ක් විදේශ රැකියාවලට ගොස් ඇත.
කෙසේ වෙතත් පෙර වසරේ මුල් මාස හය හා සසඳන කල සියයට 5කින් විදෙස් රැකියාවලට යෑම පහළ ගොස් තිබේ.
