රටවිරු ප්‍රේෂණ ඉහළ නඟී

විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 5 සීමාව ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
2024 වසරේ අගෝස්තු සහ 2025 වසරේ අගෝස්තු මාසය හා සසඳන විට මෙය සියයට 19.3ක වර්ධනයක් බව ද මහ බැංකුව පවසයි.
2024 වසරේ අගෝස්තු දක්වා මෙරටට ලැබුණ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් 577.5ක් ලෙස සටහන්ව තිබූ අතර 2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් මිලියන 680.8ක් ලැබී ඇත. ඒ අනුව මෙම වසරේ ගෙවීගිය මාස අටේදී පමණක් විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 5116ක් ලැබී තිබේ.