රටපුරා අප්‍රිකානු ඌරු උන අවදානමක්

රටපුරා අප්‍රිකානු ඌරු උන අවදානමක්

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ ලෙස සඳහන් කරමින් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අති විශේෂ ගැසට් නිදෙව්නයක් නිකුත් කර ඇත.
මෙම ගැසට් නිදෙව්නය ඔක්තෝබර් මස 03 වැනිදා සිට ක්‍රියාත්මක වේ. 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනතේ 5(3) වගන්තියට අනුව වලංගු කාලය අවලංගු හෝ දීර්ඝ නොකළහොත් එය මාස තුනක කාලයකට වලංගු වන බවද ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය මාස කිහිපය තුළ මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සිදු විය.

Share This