රජය මිලට ගත් වී සහල් කිරීමේ දී මිලියන 200ක වංචාවක් !

රජය මිලට ගත් වී සහල් කිරීමේ දී මිලියන 200ක වංචාවක් !

රජය මඟින් මෙවර යල කන්නේ මිලදී ගත් වී තොග සහල් බවට පත් කිරීමේ දී රුපියල් මිලියන 200කට අධික දැවැන්ත වංචාවක් සිදුවීමට ආසන්න බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ ජාතික සම්මේලනය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු කුසුමිත මුදිත පෙරේරා සඳහන් කළේය.
මේ වන විට රජය සතුව වී මෙටි්‍රක් ටොන් පනස්දාහකට ආසන්න ප්‍රමාණයක් ගබඩා තුළ පවතින අතර එම වී තොගය සහල් බවට පත් කිරීම සඳහා ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් ටෙන්ඩර් කැඳවීමක් කර ඇති බවත් එම ටෙන්ඩර් කැඳවීමේ සඳහන් කොන්දේසිය අනුව එම සහල් නිෂ්පාදන ක්‍රියාව එම වී තොගය සහල් බවට පත් කිරීමේ සම්පූර්ණ හිමිකාරීත්වය මහා පරිමාණ මෝල්වලට පමණක් පවරා ඇති අතර අදාළ කොන්දේසි නිසා කිසිදු ටෙන්ඩර් කැඳවීමේ සඳහන් කොන්දේසිය අනුව එම සහල් නිෂ්පාදන ක්‍රියාව එම වී තොගය සහල් බවට පත් කිරීමේ සම්පූර්ණ හිමිකාරීත්වය මහා පරිමාණ මෝල්වලට පමණක් පවරා ඇති බව ද ඔහු සඳහන් කළේය.
එම ටෙන්ඩරයට අදාළ කොන්දේසි නිසා වී තොගය සහල් බවට පත් කිරීමේ සම්පූර්ණ හිමිකාරීත්වය මහා පරිමාණ මෝල් වලට පමණක් පවරා ඇති බවත් කිසිදු සුළු හා මධ්‍ය පරිමාණ මෝලකට සහල් ක්‍රියාවලියට සම්බන්ධ වීමට නොහැකි වී ඇති බව එම සම්මේලනය චෝදනා කරයි.
මීට පෙර රජය තමන්ට පොරොන්දු වූයේ රජයේ වී තොග සහල් බවට පත් කිරීමේ කිරීමේ කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන්ට අවස්ථාව ලබා දෙන බව වුවත් මේ වන විට රජය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් සම්පූර්ණයෙන් අමතක කර මහා මෝල් හිමියන්ට පමණක් වාසි සහගත ලෙසට එන්නරිය සකස් කර ඇති බවත් එම ටෙන්ඩර් නිවේදනයක අවලංගු කර සියලු පරිමාණය සහල් නිෂ්පාදකයින්ට රජයේ වී තොග සහල් බවට පත් කිරීමට හැකිවන ආකාරයට නව ටෙන්ඩර් කැඳවීමක් කරන ලෙස මෙම සම්මේල්නයේ සභාපති එස් බී මන සේම සිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

Share This