යෙවාන් ඩේවිඩ් Formula 3 ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරමින් යෙවාන් ඩේවිඩ් ඊයේ (07)  ෆෝමියුලා 3 මංගල තරගයට සහභාගී විය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ඇල්බට් පාර්ක් ධාවන පථයේදී මෙම තරගය පැවැත්විණි. ඒමෙන්ම ෆෝමියුලා 3 ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද යෙවාන් ඩේවිඩ් වාර්තා අතරට එක්වෙයි.

යෙවාන් ෆෝමියුලා ත්‍රී ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ යුරෝ ෆෝමියුලා ධාවන ශූරතාවලියේ දී දෙවැනි ස්ථානය හිමි කර ගැනීම නිසාය.

Share This