යුධ ගිනිදැල් මැද පළමු ගුවන් යානය ඩුබායි බලා යයි
මැදපෙරදිග අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්හ කරමින් පළමු ගුවන් යානය අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි .
ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8D. – 821 දරන එම ගුවන් යානය අද දින පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .
ඒ.- 320 එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් ගෙන තිබේ .
මීට අමතරව එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානය ද ගුවන් මගීන් 44 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු රැගෙන අද (03වැනිදා) දින සවස 04.45 ට සාජා නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව කාර්යය භාර නිලධාරීවරයා පවසා සිටියේය.
