යුද ගැටුම් කිසිසේත්ම අනුමත කරන්න බෑ – ඇමති නලින්ද ජයතිස්ස

Nalinda departs for Switzerland to attend WHO assembly – Sri Lanka Mirror –  Right to Know. Power to Change

මේ වනවිට මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කර ලෝක සාමය ස්ථාපිත කිරීමට සියලු රාජ්‍යයන් දායකවිය යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද දෙරණ 360 කාලීන දේශපාලන වැඩසටහන සමඟ එක්වෙමින් මැදපෙරදිග වාතාවරණය ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, කවුරුන් විසින් සිදුකළත් යුද්ධය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.

යුද්ධයේ බලපෑමෙන් මිනිස් ජීවිත හා දේපොළ බොහෝමයක් විනාශ වී ඇති අතර, එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන කරුණක් බවද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”යුද ගැටුම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒ නිසා මේවට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් කුඩා රාජ්‍යයක් වුවත් අපි ඉල්ලා සිටින්නේ, මෙවැනි යුද ගැටුම් නතර කරන්න. මෙවැනි අමානුෂික ප්‍රහාර නතර කරන්න. ලෝක සාමය ස්ථාපිත කරන්න දායක වෙන්න.

ලෝක සාමය වෙනුවෙන් ස්ථාපිත කර ඇති සංවිධාන මේ අවස්ථාවේ දී තමන්ගේ ‌‌ඓතිහාසික මැදිහත් වීම ඉටුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ලබාදිය හැකි ඔ්නෑම සහයෝගයක් රට කුඩා වුවත් අපි ලබාදෙන්න සුදානම්.”

Share This