යාපනය වායු දූෂණය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

-අකිලා නදීෂානි බණ්ඩාර-
යාපනය අර්ධද්වීපය තුළ සිදුවන වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ නගර සභාව වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි.
වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම (11දා) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2017 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැළිකසළ සහ අපද්‍රව්‍ය විවෘත දහනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බව සඳහන් කළේය.
එම ගැසට් නිවේදනය පදනම් කරගෙන මෙම වායු දුෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් නීතිඥ දාබරේ සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම වැඩපිළිවෙල සැකසීමේදී අදාල ගැසට් පත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත් මෙහිදී විනිසුරු මඬුල්ල විසින් මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ නගර සභාවට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම ජනවාරි මස 22 වැනිදා කැඳවීමටද දින නියම කළේය.
