යාපනයෙ තරුණයකු පැහැරගෙන පහරදුන් අටකට මාංචු

යාපනයෙ තරුණයකු පැහැරගෙන පහරදුන්  අටකට මාංචු

(හැටන් – රංජිත් රාජපක්ෂ)
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අවුරුදු 23ක් වයසැති තරුණයකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පැහැර ගැනීමට සම්බන්ධ වූ තරුණයන් 08 දෙනෙකු (25දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ඩුඩ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර රාජනායක මහතා පැවසීය.
පැහැර ගැනීමට ලක් වු තරුණයා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් එම තරුණයා යාපනය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදී නෝර්වුඩ් වෙන්චර් වතුයායේ පදිංචි දැනට විදේශ රැකියාවක නිරතව සිටින කාන්තාවකට ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි පණිවිඩ යැව්වේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරන වූ එම කාන්තාවගේ සහෝදරයන් ඇතුලු 08 දෙනෙකු යාපනය ප්‍රදේශයට ගොස් තරුණයාව රැගෙන ආ බවද එම සැකකරුවන් විසින් නෝර්වුඩ් පොලිසියට පවසා ඇත.
මෙම තරුණයා පැහැර ගැනීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසියෙන් නෝර්වුඩ් පොලිසියට ලද දැනුම් දිමක් මත එම සැකකරුවන් ගමන් ගත් වාහනය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
පහර කැමට ලක් වූවා යැයි කියන තරුණයා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර බලන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වෑන්රථය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

Share This