යල කන්නයට පොහොර අවශ්‍ය තරම් තිබෙනවා – ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් කියයි

යල කන්නයට අවශ්‍ය පොහොර ඇති තරම් පවතින බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.

යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 9,900ත් / 10,200ත් අතර මිලකට ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බවයි ඒ මහතා පවසන්නේ.

පාරිභෝගික සේවා අධිකාරිය මගින් වැඩි මිලට පොහොර අලෙවි කරන වෙළදසැල් වැටලීමේ කටයුතු  සිදුකෙරෙන බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කරන්නේ.

Share This