යතුරුපැදි අනතුරකින් මිහින්තලේ තරුණයකු මරුට

යතුරුපැදි අනතුරකින් මිහින්තලේ තරුණයකු මරුට

මිහින්තලය පොලිස් වසමේ මිහින්තලය අනුරාධපුර මාර්ගයේ කුංචිකුලම ප්‍රදේශයේදී අද (11) උදෑසන සිදු වූ අනතුරකින් තරුණයකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 27 හැවිරිදි ජයසුන්දරගේ මදුක සංගිත් ජයසුන්දර නැමති අවිවාහක තරුණයෙක්.

මරණකරු මිහින්තලේ කම්මලක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව මිහින්තලේ පොලීසිය සඳහන් කළා.

මිහින්තලය දෙස සිට යතුරුපැදියකින් පැමිණි මරණකරු, යතුරුපැදියෙන් වැටී හිස ප්‍රදේශයට ඇතිවු තුවාල හේතුවෙන් මියයන්නට ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ දී අනුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට ප්‍රා⁣ඩෝ වර්ගයේ ජිප් රථයක් ගමන් කර ඇති අතර එම තරුණයා එම ජීප් රථයට යට වීමෙන් හෝ ගැටීමෙන් මෙම අනතුර සිදුවුයේ ද යන්න පිළිබඳ මිහින්තලේ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අනතුරට පත් තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත එම ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයෙන් රැගෙනගොස් ඇති බවද සඳහන්.

මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තිරප්පනේ – සමන් පෙරේරා
Share This