යක්කලදී යකා නැටූ ජවිපෙ මැරයෝ

(ශිරාන් රණසිංහ)
යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ ප්‍රධාන කාර්යාලයට (2දා) කඩාවැදුණ ජාතික ජන බලවේගයේ මැර පිරිසක් එහි සිටි පෙරටුගාමී සාමාජිකයින් දහසය දෙනෙකුට කඩු පොලු මුගුරුවලින් පහරදීමෙන් එහි සිටි හය දෙනෙකු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. මෙම පහරදීමෙන් පසුව මැර පිරිස එම කාර්යාලය බලහත්කාරයෙන් අල්ලා ගත් බවද පෙරටුගාමී පක්ෂය පොලිසියට පැමිණිලි කර ඇත.
යක්කල, කිරිඳිවැල පාරේ සල්මල් පෙදෙසේ මෙම කාර්යාලය පිහිටුවා ඇති අතර (02දා) පෙරවරුවේ එහි කඩා වැදුන සියයකට අධික මැර පිරිසක් එය බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇතැයි ද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
මෙම පක්ෂ කාර්යාලය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වූ බවත් එම නඩු විභාගයෙන් එහි අයිතිය ජනතා විමුක්ති පෙරමුණ සතු බවට තීන්දු කළ පසුව යළි අධිකරණයේ අභියාචනාවක් ගොනු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම කාර්යාල පරිශ්‍රය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් තිබියදී මෙම මැර පිරිස පැමිණ එයට පහරදී බලහත්කාරයෙන් අත්පත් කර ගත් බව ද පෙරටුගාමීහු පවසති.