මෝල හිමියන්ට මහ කන්නයේ වී ගන්න ණයක්

2025 – 26 මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට හා සමුපකාර සමිති වෙත සහන පොලියක් යටතේ මඩපණ ණය යෝජනා ක්‍රමයක් ඊයේ (01දා) සිට ආරම්භ කර තිබේ.
දෛනික වී කෙටීමේ ධාරිතාව මෙ. ටොන් 25 කට යටත්ව එහි සීමාව ලෙස දක්වා තිබේ.
ඒ අනුව 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රු. මිලියන 50 දක්වා ණය මුදලක් ලබා ගත හැකි අතර ණය මුදල දින 180ක් තුළ ගෙවා නිම කළ යුතුව ඇත.
මේ යටතේ නිදහස් කිරීමට අපේක්‍ෂිත ණය මුදල රු. මි. 10,000ක් පමණ වෙයි.
