මොඩියුල අවුල් වූ හය ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ වසරක් පසුපසට

මොඩියුල අවුල් වූ හය ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ වසරක් පසුපසට

 

(විනීතා එම්. ගමගේ)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හය ශ්‍රේණියේ පතිසංස්කරණ නැවැත්වීමටත් එය 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.
ඒ අනුව එක ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට තීරණය කර ඇතැයිද අද (13දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
මීට පෙර තීරණය කර තිබුණේ 2026 වසරේදී 1 හා 6 වසරවල ප්‍රතිසංස්කරණ සිදුකිරීමටය.
එහෙත් ආන්දෝලනයට ලක්වූ හය වසර මොඩියුලය හේතුවෙන් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.
අවම හෝ අවිනිශ්චිතතාවක් හෝ තබාගෙන විෂයමාලා සම්බන්ධව ඉදිරියට යා නොහැකි යැයි කී කැබිනට් ප්‍රකාශකවරයා මෙම ප්‍රශ්නගත මොඩියුලය සම්බන්ධ වගකිව යුතු නිලධාරින් හෙළිවී ඇති බැවින් ඔවුන් සම්බන්ධ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද කීවේය.

Share This