මෛත්‍රී සති දෙකක් කල් ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ අද(20) පෙනීසිටීමට නොහැකි බව දන්වා තිබේ. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ පරීක්ෂණයක් පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇයට එම අංශය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබිණි. වාර්තාවලට අනුව, සෞඛ්‍ය හේතූන් මත ඇයට පැමිණීමට නොහැකි බව සඳහන් වුවද, ඇය නොපැමිණීමට නිශ්චිත හේතුවක් නිල වශයෙන් අනාවරණය කර නොමැත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ (2023) එක්සත් රාජධානියේ සංචාරය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයට අදාළව ඇය අද CIDයේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනීසිටීමට නියමිතව තිබිණි.

Share This