මේ වසරේ බදු ආදායම ඉහළට

(ශිරාන් රණසිංහ)
මෙම වසරේ තුන්වන කාර්තුව අවසන් වනවිට ඉකුත් වසර හා සැසදීමේදී බදු ආදායම සියයට 32 කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ආනයනය මත අය කරනු ලබන එකතු කළ අගය මත අය කරන බදු සහ සුරාබදු හරහා ලද ආදායම මෙම තත්ත්වයට ප්‍රධාන දායකත්වයක් දක්වා ඇතැයි ද සදහන් ය.
සැප්තැම්බර් මස අවසානය වන විට බදු ආදායම රුපියල් බිලියන 3563 දක්වා වැඩි වී ඇති අතර එය පෙර වසරට වඩා සියයය 32.5 කින් ඉහළ යාමකි.
