මේ වසරේ දැනට සංචාරකයින් ලක්ෂ 22ක් රටට ඇවිත්

මේ වසරේ දැනට සංචාරකයින් ලක්ෂ 22ක් රටට ඇවිත්

2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා තිබෙන බව

සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඊයේ (16දා) වනවිට එම සංඛ්‍යාව විසිදෙලක්ෂ අට දහසක් දක්වා ඉහළ ගොස් තිබූ බවද එම අධිකාරිය පැවැසීය..

පෙරේදා දිනය වනවිට සංචාරකයින් 93,000 ක් දිවයිනට පැමිණ තිබූ අතර මෑත ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබුණේ 2018 වසරේදීයි.

එම වසරේදී සංචාරකයින් 2, 333, 596 දෙනෙකු මෙරටට පැමිණ තිබුණි..

Share This