මේ මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් නෑ

SL's Petroleum Costs and Profits Shrink amid New Market Entrants and  Economic Shifts - LNW Lanka News Web

මාසිකව සිදු කරන‍ මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය රජය විසින් ගනු ඇති බව සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අද මධ්‍යම රාත්‍රීයේදී සිදු කරන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share This