“මේ මගේ පසුගිය මස වැටුප..” – මන්ත්‍රී අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි
“මේ මගේ පසුගිය මස වැටුප..
අනෙක් අයගේ වැටුප ගැනත් හොයාලා බලන්න ?”
මන්ත්‍රී අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප
Facebook ගෙන එයි
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා තමාට ලැබුණු පසුගිය මාසයේ පාර්ලිමේන්තු වැටුප් වාර්තාව (Pay Sheet) සිය මුහුණුපොත හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත.
එහි සඳහන් වන්නේ ” සුභ උදෑසනක් ආදරණීය හිතවතුනි ! මේ මගේ ගිය මාසයේ පාර්ලිමේන්තු වැටුපයි! යනුවෙනුයි.
මෙම වැටුප් ලේඛනය සමඟ විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙවැනිම වැටුපක් ලබන බවත්, නමුත් ඒ පිළිබඳව ජනතාව මෙතෙක් නිසි ලෙස දැනුවත් වී නොමැති බවය.
“කෙනෙකු විවේචනය කිරීමට පෙර වරක් සිතන්න”යනුවෙ
න් ඔහු සිය සටහන මගින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි සටහන් තබා ඇත.
න් ඔහු සිය සටහන මගින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි සටහන් තබා ඇත.