‘මේඝ සූරි­ය­ආරච්චි’ ට ‘Hollywood’ වලින් ඇරයුම්

ලෝකයේ කඩවසම්ම තරුණයින් 'දස දෙනා' අතරට තේරුණු ලංකාවේ 'මේඝ'ට අනගි අවස්ථාවක්

‘මේඝ සූරි­ය­ආරච්චි’ ට ‘Hollywood’ වලින් ඇරයුම්

‘2024 Mr. World’ තරගා­ව­ලි­යට සහ­භාගී වී ලෝකයේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් අව­සන් දස­දෙනා (Top 10) අත­රට තේරී පත් වූ මේඝ සූරි­ය­ආරච්චි හට මේ වන විටත් Hollywood ඇරයුම් ලැබී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ පැවති ‘Mr. Sri Lanka’ තර­ගා­ව­ලි­යේදී මෙරට කඩ­ව­සම්ම තරු­ණයා ලෙස තේරී­පත් වූ මේඝ සූරි­ය­ආ­රච්චි මෙවර මිස්ටර් වර්ල්ඩ් තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් වුණා.

අනතුරුව 11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පසුගියදා පැවති මෙවර ‘2024 Mr. World’ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් කරගැනීමට සමත්වීමද විශේෂත්වයක්.

Monara

‘2024 Mr. World’ තරඟාවලියට එක්වීමෙන් අනතුරුව පසුගිය 26 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළින් දිවයිනට පැමිණි මේඝව ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණා.

එම තර­ගා­ව­ලි­යේදී අව­සන් දස­දෙනා අත­රට තේරී පත්වීම, ශ්‍රී ලංකාව මෙවැනි තර­ගා­ව­ලි­ය­කදී ජාත්‍ය­න්තර වශ­යෙන් ලබා ගත් ප්‍රථම ජය­ග්‍ර­හ­ණය බවයි කටුනායක ගුවන්තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේඝ සූරි­ය­ආරච්චි ප්‍රකාශ කළේ.

මෙම තර­ගා­ව­ලි­යේදී හොඳම ජාතික ඇඳුම් නිර්මා­ණ­යට හිමි සම්මා­න­යත් හිමිවූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මේඝ සූරිය ආරච්චිටයි.

Monara

තර­ගා­ව­ලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසා­දය හිමි­කර ගත් තරු­ණ­යාට හිමි සම්මා­න­යත් දිනා ගත් මේඝ සූරි­ය­ආ­රච්චි ආසි­යාවේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් දෙවන ස්ථානය දිනා ගැනී­මට ද සමත් වී තිබුණා.

Monara

කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වනවා.

මේ දිනවල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වන්නේ ද ඔහුයි.

Monara

දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයක්.

”Marine Drive ” සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේද මේඝ සූරියආරච්චියි.

ලාංකේය සිනමාව මෙන්ම ජාත්‍යන්තර සිනමාව ද ජයගන්නට මේඝ සූරියආරච්චිට Monara.com අපෙන් සුබ පැතුම්..

Monara

Share This