මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි

“විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණුවලට වඩා බොහෝ කරුණු අපි දන්නවා. දැනගෙන තමා කටයුතු කරන්නේ. රජය කරුණු දැනගෙන මේ ප්රශ්නය නිරාකරණය කරගැනීම සඳහා, ජීවිත හානි අවම කරගැනීම සඳහා, කලාපීය සාමය ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ, අපේ ජාතික ජලතීරය තුළ නෙමෙයි. එය ජාතික ජලතීරයට ආසන්න Exclusive economic zone එකේ. ඒ සම්බන්ධයෙන් අපි උපරිම මැදිහත් වීම කරමින් ඉන්නවා.
අපි කවුරුත් දන්නවා මැදපෙරදිග කලාපයේ දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ රටක් විදියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්ය හරි උපයෝගී කරගෙන කරන්නවත්, ආණ්ඩුව එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත්, නැතිනම් තමන් ප්රකාශයක් කරන්නවත් එහෙම නැතිනම් තවත් ජන කොටසක් කුපිත කරවන ප්රකාශ කරන්නවත් අසත්ය තොරතුරු, අර්ධ සත්ය තොරතුරු වැරදි තොරතුරු මත පදනම්ව හිතලු කියන්නවත් වෙලාවක් නෙමෙයි.
Share This