මෙගාවොට් 120ක බලශක්ති උද්‍යානයක්

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන WindForce PLC, රුපියල් බිලියන 20.79ක දැවැන්ත ආයෝජනයක් සහිතව මෙරට ප්‍රථම ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘති 12ක් ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකරගෙන තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේ ව්‍යාපෘතිය සඳහා Vidullanka PLC සමඟ 50% බැගින් වූ හවුල්කාරීත්වයකින් කටයුතු කරන අතර, අනෙකුත් ව්‍යාපෘති 11 හි පූර්ණ හිමිකාරීත්වය WindForce PLC සතු වීමයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක (120 MW/480 MWh) මුළු ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පිරිවැයෙන් 80%ක් ණය පහසුකම් මගින් සපයා ගැනීමට නියමිතය.
අම්පාර, අනුරාධපුරය, හම්බන්තොට සහ වවුනියාව ඇතුළු ප්‍රදේශ 12ක ස්ථාපනය කෙරෙන මෙම බැටරි පද්ධති මගින් සූර්ය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වඩාත් කාර්යක්ෂමව පාලනය කිරීමටත්, විදුලි ඉල්ලුම අධික වෙලාවන්හිදී පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීමටත් මනා පිටුවහලක් ලැබෙනු ඇත.
