මුහුණු පොතේ බොරු නමකින් සිටි මහනුවර මත් ජාවාරම්කාරිය අල්ලයි

මුහුණු පොතේ බොරු නමකින් සිටි මහනුවර මත් ජාවාරම්කාරිය අල්ලයි

(නිමල් දයාරත්න)
මුහුණු පොතේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මත් කුඩු ජාවාරම හා භාවිතය දැඩිව විවේචනය කරමින්, මහනුවර සහ අවට ප්‍රදේශයන්හි මත්කුඩු බෙදාහැරීමේ තොරතුරු බෙදා දුන් රූමත් තරුණියක් මත්කුඩු ග්‍රෑම් 17 ක් සමග මහනුවර පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණිය මත්කුඩු ජාවාරම්කරුවන් පිළිබඳව පොලිසියට තොරතුරු සහ ඔත්තු සපයමින් පොලිසියේ විශ්වාසය දිනාගෙන මත්කුඩු ජාවාරම්වලට ද උපකාරීව කටයුතු කර ඇති බුව් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
ලද තොරතුරක් අනුව මහනුවර නගරයේ හෝටලයක් වටා සිදුකළ විමර්ශනයේදී එම තරුණිය සමඟ තවත් යුවළක් හෙරොයින් ග්‍රෑම් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මත්කුඩු ජාවාරමේ නියුතු එම තරුණිය ව්‍යාජ නමකින් පවත්වාගෙන ගිය එම මුහුණු පොත් ගිණුමේ මිතුරන් ලෙස පොලිසියේ සහ හමුදාවේ පුද්ගලයන් සිටින බවත්, රත්මලානේ සයිමා නමැති පුද්ගලයාගේ කුඩු ජාලයේ මහනුවර නියෝජිතවරිය ලෙස කටයුතු කරන්නේ ද මෙම තරුණිය බව පොලිස් විමර්ශනයේදී හෙළිකර ගෙන තිබේ.
සැකකාර තරුණිය අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ යන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

Share This