මුන්දලම මංගලඑළියේ පුද්ගලික ඉඩමක වැලි කැණීමේ සූදානමට විරෝධය

මුන්දලම මංගලඑළිය ගම්මානය මැද පිහිටි අක්කර 16 කින් යුත් සාරවත් පොල් වගාවකින් යුත් ඉඩමක් බදු පදනමට ලබා ගත් අයකු විසින් එහි වැලි කැණීමට අවසර ඉල්ලීමත් සමග 10 ඒ මංගලඑළිය ග්‍රාම නිළධාරී වසමේ නුග සෙවන ගම, සමිදුගම හා අක්කර භාගය යන ගම්මාන වල පදිංචි 100 කට ආසන්න පිරිසක මෙලෙස විරෝධය මතු කරන්නට විය.
විරෝධතාකරුවන් පවසා සිටියෙ මේ වන විට මෙම ප්‍රදේශයෙ වැලි කැණීම් කල ස්ථාන කිසිවක් නිසි ලෙස පුනුරුත්ථාපනය නොකිරීම හේතුවෙන් බරපතල පාරිසරික ගැටළුවක් පවතින අවස්ථාවක කලපුව ආසන්නයෙ පිහිටි ඉඩම තුළ වැලි කැණිමට ලබා දුනහොත් එයද ඒ අයුරින්ම ඉටු විය හැකි බවයි.
ඒ සමගම වැලි ඇදිමත් සමග මාර්ග පද්ධති සම්පුර්ණයෙන් හානි වි විනාශ විය හැකි බවත්, මේ ස්ථානයෙ වැලි කැණීම සිදුවිම තුළින් බරපතල පාරිසරය විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බවද ජනතාව පවසති.
මේ විරෝධතාව පැවතියේ වැලි කැණීම සිදු කිරීමට නියමිත අදාල ඉඩමේ භු විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල නිළධාරීන් විසින් මුන්දලම ප්‍රාදේශීය ලේකම් වරිය විසින් කැදවා තිබු ඒකාබද්ධ පරික්ෂණය පැවැති අවස්ථාවේදීය.
විරෝධතාවය පැවති ස්ථානයට පැමිනි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රදික සංජීව මහතා තමන් ඒ සදහා අනුමැතිය ලබා දී නොමැති බව ජනතාවට පොරෝන්දු වන්නට විය.
මේ සම්බන්ධයෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඉමාෂා පෙරේරා මහත්මියගෙන් කල විමසිමේදි පවසා සිටියේ “ජනතාව මතුකරන විරෝධතාවයෙ සාධාරණ කරුණු රැසක් තිබේන බවත් පෙර වැලි කැණිම් සැලකිල්ලට ගනිමින් ජනතාව නගන චෝදනා සත්‍ය බවට හැගෙන බව පැවැසීය.

Share This