මුතු රාජාගේ දළ කපන්න තායිලන්තය සූදානම් වෙයි: ආයතනය කිහිපයක අනුමැතිය අවශ්‍යයි
මෙරටින් තායිලන්තයයට රැගෙන ගිය 29 හැවිරි වියෙහි පසුවන මුතු රාජා ඇතාගේ දළ කැපීමට එරට අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
ඒ, ඇතාගේ දිගු හා බර දළ යුගල එම සතාගේ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල කිරීම හේතුවෙන්.
කඳුකර ප්‍රදේශවල සැරිසරන අවස්ථාවේදී මුතු රාජාගේ දළ බිමට වදින බව සඳහන්.
ඇත් දළවල බර අඩු කිරීමේ හැකියාව පිළිබඳව විශේෂඥයන් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි තායි පශු වෛද්‍ය වරංකානා ලන්කාපින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
ගනු ලබන තීරණ සඳහා ආයතන කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට සහ අනුමැතිය අවශ්‍ය බවයි.
මුතුරාජාගේ වම් පාදයේ ඇති වූ ආබාධය සුව කිරීම සඳහා තායිලන්තය රජය විසින් එම සත්වයාව එම රටට යළි ගෙන්වා ගත්තා.
2001 වසරේදී ශ්‍රී ලංකාවට තායිලන්තය රජය විසින් සක් සූරින් හෙවත් මුතු රාජා පරිත්‍යාග කළ බව සඳහන්.