මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ කමිටු වාර්තාව එළියට

-නිමල් දයාරත්න-
මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ වැඩසටහනේ විද්වත් කමිටු වාර්තාව ගම්පහ දිස්ත්‍රික් පරිසර හා කසළ කළමනාකරණ අනුකමිටු රැස්වීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට භාර දෙන ලදී.
විශේෂයෙන් මුතුරාජවෙල සහ මීගමු කළපු තෙත්බිම ආරක්ෂා කිරීමේ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව පැවැති මෙම අනුකමිටු රැස්වීමේදී මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර වගුරු බිම අනවසර ලෙස ගොඩ කිරීම සහ භාවිතයට ගැනීම වැළැක්වීම සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය ලබා ගැනීම පිළිඳව අවධාරණය කෙරිණි. එසේම දිස්ත්‍රික්කයේ කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බ්ධයෙන්ද වැඩි අවධානය යොමු කිරීමටද පියවර ගැනිණි. මෙයට පළාත් පාලන ආයතන ප්‍රධානීන්ද එක් වූහ.
