මුං අස්වනු නෙළීමට වැස්සෙන් දැඩි බාධා

මුං අස්වනු නෙළීමට වැස්සෙන් දැඩි බාධා

(ඇඹිලිපිටිය- සේන. වී. ගමගේ)
අතුරු කන්නයක් ලෙස මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් සිදු කරන ලද මුං වගාව සාර්ථක වී ඇතත් මේ වන විට කලාපයට ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මුං අස්වැන්න නෙළා ගැනීමට බාධා පැමිණ ඇතැයි ගොවීහු කියා සිටිති.
ලුණුගම්වෙහෙර තිස්සමහාරාම හා යෝධයව යන වාරි කලාප යටතේ මෙවර ගොවීන් විශාල පිරිසක් කුඹුරුවල මුං වගා කර ඇත. වෙනදාට වඩා සරු අස්වැන්නක් ලැබී ඇතත් එය නෙළා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ පවතින වර්ෂාව හේතුවෙන් බවත් නෙළා ගන්නා මුං අස්වැන්න වියළා ගැනීමට නොහැකි වීමෙන් නිසි මිලක් ද ලබාගත නොහැකි බව ද ඔවුන් කියා සිටිති.
එසේම රුපියල් නවසිය දක්වා ඉහළ ගොස් තිබූ මුං ඇට කිලෝව මිලද මේ වන විට රුපියල් 450-500 දක්වා පහළ ගොස් ඇතැයිද කියා සිටිති.

Share This