මිහින් ලංකා ගුවන් යානා ගනුදෙනුවට සජින් වාස්ට අධි චෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ඳයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද(16) කොළඹ මහ අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.
ඒ නීත්‍යානුකූල ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිහින් ලංකා ගුවන් සමාගමට බදු පදනමින්,ගුවන් යානයක් මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදු කිරීම ඇතුළු අධි චෝදනා 4 ක් යටතේ.
මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම විසින්.
ඉදිරි දිනයකදී නොතිසී නිකුත් කිරිමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවීමට නියමිතයි.
පසුගියදා(9) රුපියල් මිලියන 243.8 ක නීති විරෝධී වත්කම් ඉපයීම සම්බන්ඳයෙන් සජින් වාස් ගුණවර්ධන මහතාව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එදින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාවට පැමිණි අවස්ථාවේදී
