මියන්මාරයේ නව ජනාධිපතිවරයා Min Aung Hlaing

මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස ජෙනරාල් ‘මින් අන්ග් හලින්ග්’ පාර්ලිමේන්තුවේදී තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එහිදී හමුදාහිතවාදී මන්ත්‍රී ආසන 584න් 429ක පක්ෂපාතීත්වය ජෙනරාල් මින් අවුන් හ්ලියැං හට ලැබී ඇති බවයි.

ඔහු 2021 වසරේදී මියන්මාරයේ බලය හෙබවූ අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන රටෙහි බලය තමන් සතු කරගත්තේය.

ඉන් අනතුරුව වසරකින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයක් පවත්වන බවට ඔහු පොරොන්දු වූව ද ජෙනරාල් මින් අන්ග් හලින්ග් එය ඉටු නොකළ අතර පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල පැවැති මහමැතිවරණයේදී හමුදාවේ සහාය ලබන ‘එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය’ පාර්ලිමේන්තු ආසනවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබේ.

Share This