මිනුවන්ගොඩ ජාජබ නගර සභාපති ඉල්ලා අස්වෙයි

මිනුවන්ගොඩ ජාජබ නගර සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළ අසේල වික්‍රමආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම අස්වීම පිළිබඳ නිවේදනය 31දා පැවැති විශේෂ නගර සභා රැස්වීමේදී ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙය තමන්ගේ පෞද්ගලික තීරණයක් බවත් එය කිසිදු බලපෑමක් මත ගත් තීරණයක් නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. අසේල වික්‍රමආරච්චි මහතා මාස 06 ක කාලයක් මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.

Share This