මිනිසුන් ලෙස වෙස්වළාගෙන අප අතරම ජීවත් වන පිටසක්වල ජීවීන්..?

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින්ගෙන් අපූරු අදහසක්

මිනිසුන් ලෙස වෙස්වළාගෙන අප අතරම ජීවත් වන පිටසක්වල ජීවීන්..?

‘පිටසක්වල ජීවීන්’ ලෙස හඳුන්වන අය ඇත්තටම ඉන්නවද?

මේ ලෝකේ කොහේ හරි…

වෙනත් ග්‍රහලෝකයක හරි.., තරුවක හරි.. නැත්තම් නොපෙනෙන්න හරි ඇත්තටම එහෙම ඉන්න පුලුවන් ද?.. (ඉන්නත් පුලුවන් හැබැයි..)

‘පිටසක්වල ජීවීන්’ ගැන විවිධාකාර කතා තියනවා.. ඒත් හරියටම තාම ඒ ගැන සනාථ කරලා නැහැ..

අඩුම තවම හරියටම දන්නේ නැහැ මේ ‘පිටසක්වල ජීවීන්’ මොනවගේද කියලවත්.. (හැඩරුව)

Monara

‘පිටසක්වල ජීවීන්’ ගැන කාලෙන් කාලේට විවිධ පුවත් නිර්මාණය වෙනවා.. ඒ ගැන විවිධ පර්යේෂණත් සිදුකරනවා..

ඉතින් මේ කතාව ‘පිටසක්වල ජීවින්’ ගැන සකස් කරන ලද අධ්‍යයන වාර්තාවක් ගැනයි..(අධ්‍යන වාර්තාවක් කිව්වට අපූරු අදහස් ඉදිරිපත් කිරීමක්)

අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව ‘පිටසක්වළ ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකියි.’

විශ්වාස කරන්න පුලුවන් ද?

සමහරවිට ඔයා ළඟම මනුස්ස රූපයකින් පෙනී සිටින්නේ පිටසක්වළ ජීවියෙක් වෙන්න පුලුවන්.. (අධ්‍යන වාර්තාවට අනුව එහෙම වෙන්න පුලුවන්.)

Monara

‘පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත් සහ මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත්’ එම විද්‍යාඥයින් කණ්ඩායම විසින් සඳහන් කරලා තියනවා..

ඇත්තටම කිව්වොත් ‘ඒක හරි අපූරු අදහසක්’.. (අදහසකට එහා ගිහින් හිතන්න ඕන දෙයක්)

පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඇතුළත් විශේෂ පර්යේෂණ වාර්තාවක් එළිදක්වමින් තමයි ඔවුන් මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ..

Monara

මෙම අදහස බොහෝ විද්‍යාඥයින් විසින් සැක සහිත ලෙස සැළකීමට ඉඩ ඇතත්, එය සාරාංශ වශයෙන් බැහැර නොකළ යුතු බවත්, ඇතැම් විචාරකයින්ගේ අදහසයි..

ඒ අනුව ඥානාන්විතව එම අදහස සම්බන්ධයෙන් බැලිය යුතු බව ඔවුන් අවධාරණය කරනවා..

හිටපු එක්සත් ජනපද බුද්ධි නිළධාරියෙකු මීට පෙර, ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකානු රජය ‘පාපන්දු පිටියක ප්‍රමාණයේ’ හඳුනා නොගත් පියාඹන පීරිසියක් (යූ.එෆ්.) සඟවාගෙන සිටින බවයි..

කොහොම වුණත් එහි සත්‍ය අසත්‍යතාව ද මෙතෙක් සනාථ වී නැහැ..

Monara

Share This