මිතුරු වෙසින් මුදල් ඉල්ලන වට්ස්ඇප් ජාවාරම් ඉහළට

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
වට්ස්ඇප් හරහා මුදල් ඉල්ලීමේ ජාවාරමට අදාළව ලැබෙන පැමිණිලි විශාල ලෙස වැඩි වී ඇතැයි ද ඒ නිසා මෙම වංචාවලට හසු නොවන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉකුත් දිනවල මෙම සිද්ධීන්වලට අදාළව විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ජී. ජනනෙත්සිරි මහතා සඳහන් කරයි.
සමාජයේ පිළිගත් පුද්ගලයකුගේ දුරකථන අංකයක් සොයා සූම් මීටින් සම්බන්ධ වන ලෙස දන්වා ලින්ක් එකක් මුළින්ම යොමු කරන බවට පැමිණිලි මගින් තහවුරු වී ඇත.
ඒ සඳහා වංචාකරවැන් විසින් ධඔඡ ඉල්ලා සිටින අතර ඉන්පසු වට්ස්ඇප් ගිණුම වංචාකරවැන්ගේ ග්‍රහණයට ගන්නා බවද සහකාර පොලිස් අධිකාරිවරයා පැහැදිලි කරයි.
පසුව අදාළ වට්ස්ඇප්වල ඇති දුරකථන අංකවලට මුදල් හදිස්සියක් යැයි කියමින් අදාළ පුද්ගලයාගේ හිතවුතුන්ගෙන් මුදල් ඉල්ලන බවද හෙළි වී ඇත.
මිතුරකුගේ හදිසියකට මුදල් යොමු කිරීමේ දී ඒ පිළිබඳ සොයා බලන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.
මෙම ජාවාරම පිළිබඳ හා ඒවා සිදු කරන පිසරිස් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
