‘මිත්‍රශක්ති 2025’ යුද අභ්‍යාසයට අපේ විරුවන් ඉන්දියාවට

‘මිත්‍රශක්ති 2025’ යුද අභ්‍යාසයට අපේ විරුවන් ඉන්දියාවට

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි XI වන අධියර සඳහා සහභාගි වන නිලධාරින් 34ක් හා සෙසු නිලයන් 101කින් යුත් භට පිරිසක් 09 වැනිදා මත්තල ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව යන ලදී.
ඉන්දීය හා මෙරට හමුදාවන් අතර හමුදා කුසලතා වැඩි දියුණු කිරීම සහ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම මිත්‍රශක්ති යුද අභ්‍යාසය මෙම 10 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 14ක් පුරා ඉන්දියාවේ බෙලගවි කර්නාටක ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Share This