මැලේසියාවේ රික්ටර් මාපක7.1ක ප්‍රබල භූමිකම්පාවක්

මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පනයක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබෙනවා. භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන තිබෙනවා. සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා කිසිවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මෙය සුනාමි තර්ජනයක් දක්වා වර්ධනය වී නොමැති බව සඳහන්.

 

Share This